18 May 2012

ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා.


ebay ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>

paypal ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >>


හරි එහෙනම් ඔන්න අද මාතෘකාවට එන්නයි හදන්නේ. මෙන්න මේකයි මාතෘකාව  ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම. කොහොමද ෆට්ට නේද ? මම මේ ගැන ලියවිලා තියෙන බ්ලොග් කීපයක්ම කියවල තියෙනවා. දැනට මේක කරන කෙනෙක් විදියට මගේ අදහසත් මේකට එකතු කරන්න තමයි මේ උත්සහ කරන්නේ. එහෙනම් අද ඉදන් ලිපි මාලාව ලියවෙන්නේ ebay හරහා මොනවහරි බඩුවක් විකිණීම සම්බන්දයෙන්.

මුලින්ම මේ වැඩේට අත ගහන්න කලින් කියන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ විස්තර අද මම දාන්නම්. මෙන්න මෙහෙමයි ඒවා. හිතල බලන්නකෝ මුලින්ම. ලංකාවේ ඉන්න කෙනෙකුට Paypal හරහා මුදල් යැවීම පමණයි කරන්න පුළුවන් මුදල් ලබා ගැනීමක් කරන්න බැ. එක ඔයාල දන්නවනේ. ඉතින් මෙන්න මේ හේතුව හින්ද තමයි අපිට ebay එක හරහා යමක විකිණීම හරියට කරන්න බැරුව ගිහින් තියෙන්නේ. හැබැයි මේක කරන්න පුළුවන් වැඩක්.  කරන්නේ කොහොමද කියල තමයි මම මේ ලිපි මාලාවෙන් කියලා දෙන්නේ.

ඔන්න ඕක කරන්න අපිට තියෙන මුලිකම ගැටලුව මම මුලින් සදහන් කරානේ. එහෙනම් අපි බලමු ඔය ගැටලුව මග හරවාගෙන ebay මගින් විකිණීම සිදු කරන්න. මේක කරන්න පටන් ගන්න කලින් අඩුම තරමින් මෙන්න මේ දේවල් ඔයා සපුරාගෙන තියෙනවද බලන්න. මේවගෙන් සමහර දේවල් එච්චර වැදගත් නොවෙන්න පුළුවන්. එත මම කියලා දෙන්න යන්නේ සාර්ථකව විකුණන විදිය හින්ද මේ දේවල් ගැන ඔයා සැලකිලිමත් උනොත් හොදයි.

01 )
ඔයාට Paypal ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. එක මොන රටේ විදියට හදල තියෙනවද කියන එක ගැටළුවක් නැහැ. හැබැයි මොන රටේ විදියට හදල තිබ්බත් Verify කරලා තිබීම අනිවාර්යයි.

02 )
ඔයාට ebay ගිණුමක් තිබීමත් අනිවාර්යයයි. එක ලංකාවේ ඔයාගේ ඇත්තම address දාල හදපු එකක් වෙන්න ඕනි. එකේ අඩුම තරමින් Positive feedback 5 ක් වත තියෙනවනම් ගොඩක් හොදයි. feedback නැති account එකකින් උනත් බඩු විකුනන්න පුළුවන් බව ඇත්ත. නමුත් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි.

03 )
ඔයාට සාමාන්‍ය english දැනුමක් තියෙන්න ඕනි. කෙනෙක් එක්ක කතා කරලා දෙයක් විසදාගැනීමේ හැකියාව තියෙන්න ඕනි. ඒ වගේ කව්රු හරි කෙනෙක් කියන දෙයකට සාවදානව පිළිතුරු දීමේ හැකියාවත් තියෙන්න ඕනි. මෙහෙම කියලා ලොකු english දැනුමක් අවශ්‍ය නැ. ඒ පිලිබදව දැනුම වැඩි වෙන තරමට හොදයි.

04 )
ඒ වගේම මෙන්න මේ හතරවෙනි කාරණය තමයි වැදගත්ම එක. ඔයාට අනිවාර්යයෙන්ම හොද ඉවසීමක් තියෙන්න ඕනි. ඔය ඉස්සෙල්ල කියපු කාරණා තුනම තිබුනත් වැඩක් නැ ඉවසීම නැත්තම්. දෙයක් කරන්න කලින් ඉවසල තීරණයක්‌ ගැනීමේ හැකියාව තිබිය යුතුමයි. ඉවසීම නැතිනම් මේක නොකලට කමක් නැ.

05 )
ebay එකේ කටයුතු සිදු වෙන හැටි ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනි. නීති රීති වගේ දේවල් ගැන.


එහෙනම් ඔන්න ඔය දේවල් තමයි අවශ්‍ය. අද ලිපිය ටිකක් serious විදියට ලියාගෙන ගියා. මොකද ටිකක් සාවදානව කරුණු මග අරින්නේ නැතුව කියලා දෙන්න ඕනි දෙයක් හින්දා. එහෙනම් අදට මම යන්න කියලා හදන්නේ.මේ ලිපිය කියවල ඔයාලට ඒ ගැන හිතුන දේත් comment එකකින් කියලා යන්න. ඒ වගේම මම කලින් ebay සහ paypal ගැන ලියලා තියෙන ලිපි ටිකත් කියවන්න.

බ්ලොග් එකේ facebook fan page එකෙන් ඕනිම වෙලාවක ප්‍රසන තියෙනවනම් අහන්න. අනිවාර්යයෙන්ම පුළුවන් උන වෙලාවට උදවු කරනවා.

Shyamin's Blog Facebook Fan Page

එහෙනම් මම ගියා. හැමෝටම ජය ! ඊලග පොස්ට් එකෙන් ඉක්මනටම හම්බ වෙමු.

10 April 2012

අලුත් අවුරුදු තෑග්ගෙන් HyIP ගැන දැන ගන්න !

ඔන්න අද ආවේ අවුරුදු තෑග්ග විදියට පොඩිම පොඩි ඔවදනක් දීල යන්න. ඒ කියන්නේ පොඩි Advice පාරක් දීල යන්න. මේක වැදගත් වෙන්නේ අන්තර්ජාලය හරහා සල්ලි හොයන අයට. මෙහම එක එක්කෙනාගෙන් ඔවදන් ගන්න මම කව්ද කියල හිතන අය පොස්ට් එක නොබලා හිටියට මගේ කිසි තරහක් නැ. මේ මම කියන දේත් මම වෙන කෙනෙකුගෙන් දන ගත්ත දෙයක්. තමන් දන්නා දෙයක් අනුන්ට කීම හොදයි කියල හිතලයි මේක කියන්නේ. මට මේ කාරනාව කියපු කෙනත් මේ පොස්ට් එක බලලා සතුටු වෙනවා ඇති.

මුලින්ම හැමෝටම මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් දන කියන්නම් මේ කතාව හෙවත් ඔවදන. කට්ටිය දැනටමත් දන්නවා ඇති මම මේ පොස්ට් එකට දාපු මාතෘකාවේ තියෙන පොඩි එන්ගිරිසි වචනේ ගැන. ( HyIP ) හුගක් කට්ටිය දන්නවා මම හිතන විදියට. මොකද මේක ෆට්ට වැඩක්නේ නේද ? $10 ක් දාපුවම අපිට එක $12 ක් කරලා එලියට ගන්න පුළුවන්. එත් එක කරන්න පුළුවන් ටික දවසයි. හුගක් අයට මේ ගැන ඉතාමත් කටුක අත්දැකීම් එහෙම ඇති. එහෙම අය comment වලින් ඒ ගැන සදහන් කරන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මේ ගැන අනිත් අයත් දැන ගන්න ඕනි හින්දා. ඔන්න එහෙනම් අද මේ කියන්න ලෑස්ති වෙන්නේ HyIP site එකක යාන්ත්‍රනය ගැන. මේක කොහොමද වැඩ කරන්නේ කියලා.



හුගක් ලෙසටම් හදපු මේ වගේ Site කරගෙන යන්නේ උපරිම එක්කෙනයි දෙන්නයි හෝ තුන දෙනයි. නැතුව මේ ලොකු office එකක් දාගෙන site එක හදන්න වෙනම කට්ටිය දාල Money Mannage කරන්න වෙනම කට්ටිය එහෙම නැ. මේවා හරි simple plan. දෙතුන් දෙනෙක් තමයි මේ ඔක්කොම වැඩ ටික දාන්නේ. හැබැයි එක පිළිවෙලට ලස්සනට කරනවා. කීයටවත් ඇතුලේ ගිනි පිටට දෙන්නේ නැ. ( හිකිස්‌ ... )

මුලින්ම ඔන්න site එක හදල කට්ටිය එකතු කරගෙන වැඩේ පටන් ගන්නවා. මෙයාල කියන ජොලිම කතාව තමයි අපිට $10 ක් දෙන්න අපි එක $12 ක් කරලා දවස දෙකකින් ඔයාට අපහු දෙනවා කියන එක. මේකෙදි ගණන් හිලව් පොඩ්ඩක් වෙනස් වෙයි. මම ගත්තේ උදාහරණයකට. ඔන්න ඉතින් ඇත්තටම මේ වැඩේ වෙනවා. ඔන්න පලවෙනි දවසේ ඉතින් වැඩි කට්ටිය එහෙම නැ. එත් අමාරුවෙන් $1000 ක් විතර එකතු වෙනවා. ඉතින් මෙයාල පොරොන්දු විදියටම තව දවස දෙකකින් සල්ලි දාපු අයට වැඩිපුර $2 කුත් එක්ක සල්ලි ගෙවනවා. ඒ කියන්නේ දවස දෙකකින් $1200 ක් ගෙවන්න වෙනවනේ. ඔව කිසි ගැටළුවක් නැ. ගෙවන්න ඕනි තරම් සල්ලි තියෙනවා. ( ඇයි අනේ දෙවෙනි දවසේ හම්බ උන සල්ලි ) ඔන්න ඔය විදියට දෙවෙනි දවස වෙනකොට මෙයාල ගාව $2000 ක් තියෙනවා හැබැයි ගෙවන්න වෙන්නේ $1200 යි. ඉතින් එතන ගැටළුවක් නැනේ. ඔන්න ඔහොම තුන වෙනි දවසත් එනවා. ඒ වෙනකොට සැහෙන පිරිසක් මේකත් එක්ක සම්බන්ද වෙලා ඉවරයි. Refferal එහෙම වැටෙනවනේ. මේකෙන් පලවෙනි දවසේ සල්ලි ගත්ත අය මේකට ෆට්ට ප්‍රචාරයක් දීල තව කට්ටිය එකතු කරලා දෙනවා. නිකන් නෙවෙයි Payment Prof හිටන් පෙන්නනවනේ. ඉතින් තව මොන කතාද ? කට්ටිය බය වෙන්නේ නැ. සල්ලි දානවා. දේපල උගස්‌ කරලා සල්ලි දානවා. ( ඇයි අනේ ගෙවනවානේ බර ගානක් ... හිකිස්‌ ... ) ඔන්න දැන් තමයි ජොලිම වැඩේ වෙන්නේ. පලවෙනි දවසේ වැඩේ ටෙස්ට් කරන්න සල්ලි දාපු අයට සල්ලි දෙගුණ වෙලා හම්බ වෙනවනේ දැන් මෙයාල කල්පනා කරලා ලෙසටම දෙවෙනි පාරට වැඩිපුර ගානක් දානවා. ඇයි අලේ පලවෙනි පාර සල්ලි හම්බ වෙලා මෙයලා පිස්සු වැටිලානේ ඉන්නේ. එතොට හතරවෙනි දවස වෙනකොට තව ලොකු ගානක් මේකේ අයිතිකාරයට හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි මේකේ මුලික ක්‍රමේ. මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා.

දැන් බලමු ඇයි ඉතින් මේක නවතින්නේ කියලා. වැඩේ යස අගේට නැගල යනවනේ. නවතින්න හේතුවක් නැනේ. එත් මෙතන පොඩි කොස්සක් තියෙනවා. එන්න එන්නම වැටෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එකේ ප්‍රතිපලය තමයි එන්න එන්නම ගෙවන්න වෙන ගැනත් වැඩි වෙනවා. අන්න එක දවසක් එනවා මේකට Deposit වෙන සල්ලි ප්‍රමාණයට වැඩ වැඩි ගානක් මේකෙන් withdraw කරන්න සිද්ද වෙන. අන්න එදාට මේක හදපු අය උන හිටි තැන හොයා ගන්න බැරි වෙනවා. එයාල හෙමිහිට සල්ලි නොගෙවා පනිනවා. Domain එකයි Hosting එකයි ටික දවසකින් අහෝසි වෙලා යනවා. ඉතින් අන්තිමට දාපු සල්ලි යකාගේ කටට දැම්ම වගේ. ඒවා ආයිත් ගන්න බැ. මොකද මේකේ admin පැනල යන්නේ ඒවත් අරගෙනනේ. හරි දැන් ඉතින් සල්ලි දාපු අය අඩනවා. පෙළක් අයට අවුලක් නැ ලබයි. පෙළක් අයට ලබත නැ එත් පාඩුත් නැ. එත හුගක් අයට වැඩේ බර පාඩුයි. ඒ කියන්නේ මේකට අන්තිමට එකතු උන පිරිස. ඔන්න ඒ කතාව එතනින් එවරයි කියමුකෝ.

හරි දැන් කට්ටිය කල්පනා කරනවා ඇති හොරෙන් මාරු උන Admin ට මොකද උනේ කියල. අනේ මිනිහා සනීපෙට ඉන්නවා. මොකද මිනිහා යනකොට තිබ්බ deposit වල සැහෙන ගානක් තියෙනවනේ. ඉතින් මිනිහ මේවගෙන් හොද Hosting එකකුයි තව Domain එකකුයි ගණන්වා. අර හම්බ උන සල්ලි වලින් පොඩි ගැනයි යන්නේ. ඒ ඔක්කොගෙන්ම ඕනනං මිනිහට hosting කොම්පැනියක්ම සල්ලි දීල ගන්න පුළුවන්. ඉතින් ආයිත් හෙමිහිට වැඩේ පටන් ගන්නවා. මේ පාර දෙවෙනි පාරට වඩා හොදට වැඩේ කරන්න පුළුවන් මොකද ප්‍රචාරණ කටයුතු වලට එහෙම අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තියෙනවා.

ඔන්න ඕකයි මේවගේ ඇත්ත තත්වේ. කට්ටිය පොඩි හරි දෙයක් දැන ගත්තනම් ඒ හොදටම ඇති. මම නම් කියන්නේ කීයටවත් HyIP වල සල්ලි දාන්න එපා කියලයි. එත එක තමන්ගේ කැමැත්තක්. මේ පොස්ට් එක දැම්මෙත් කට්ටිය ගොඩක් මේ වැඩේට ගිහින් අනාත වෙලා තියෙන හින්දා. දැන් ෆුල් හින්දුස්ථාන්. හැම වෙලේම මහන්සි වෙලා කියක් හරි හොයා ගන්න උත්සහ කරන්න. නිකන් සල්ලි හොයන්න උත්සහ කරන්න එපා.

එහෙනම් අදට මම ගියා. ඔයාලනම් නිකන්ම යන්න එපා Comment එකකුත් දාල like එකකුත් දාල යන්න හොදේ. එහෙනම් අවුරුදු කාලා එන්නකෝ. හැමෝටම ජය වේවා !

23 March 2012

රුපියල් 3න කින් ගොඩ යන හැටි !

අපි කව්රු උනත් දන්නවනේ internet එකෙන් සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඔන්න ඔය කරනේ මොනවා කරත් පිළිගන්නේ නැති කස්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න හදන කස්ටියකුත් ලංකාවේ ඉන්නවා. එත් චුට්ටක් හරි මහන්සි වෙන්න පුලුවන්නම් මෙන්න මම දැන් කියන්න යන දෙයිනුත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. මේකත් සාමාන්‍ය PTC Site එකක්. සාමාන්‍ය කිව්වට මොකද ටිකක් අසාමාන්‍යයි. ඒ මොකද දන්නවද ? මම දන්න තරමින් මේ site එකෙන් 2007 විතර ඉදන් ඒක දිගටම සල්ලි ගෙවනවා. අදටත් ඒක එහෙම්මමයි. තවමත් ඉතාමත් හොදට ගෙවීම් සිදු කරනවා.ඉතින් ඔයාලටත් පුළුවන් උනොත් හොද විදියට වැඩේ සංවිදානය කරලා තව කට්ටිය ටිකක් එකතු කරගෙන මේ වැඩේට බහින්න අන්න එතැනින්ම ඔයාලට සැලකිය යුතු මුදලක් උපාය ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ගහෙන් ගෙඩි එන්න වගේ ගත්ත ගමන් සල්ලි ගලාගෙන එන්නේ නැ. මුලින්ම අපිට refferal එහෙම නැත්තම් දවසකට හම්බ වෙන්නේ $0.03 වගේ ගානක් . විලි ලැජ්ජාවේ බැ නේද ? ඒ කියන්නේ රුපියල් තුනක් වගේනේ. රුපියල් තුනක් හොයන්නත් add 20 ක් විතර කොටන්න වෙනවා. එහෙම හිතන්නේ නැතුව රුපියල් තුනෙන් ගොඩ යන්න ආස අයට මේක හොද අවස්ථාවක්. මුලින් රුපියල් තුනක් හොයල හිත හදාගෙන ඊලග දවසේ තව කාව හරි එකතු කරගෙන තව රුපියලක් හරි වැඩිපුර හොයන්න බලන්න. ඒක පාර refferal දාස් ගණන් දා ගන්න යන්න එපා. දවසට ඒක ගානේ දා ගන්න බලන්න. ඊට පස්සේ අදායම වැඩි වෙනකොට උරාගෙ මස් උරාගෙ පිටේම තියල කපන්න. ඒ කියන්නේ එකෙන්ම හොයපු සල්ලි වලින් Membership ඒක upgrade කර ගන්න. මතක තියා ගන්න කීයටවත් අතින් සල්ලි දාල Refferal ලා එහෙම ගන්න යන්න එපා. ජිවිතේට කරන මෝඩකමක් තමයි ඒ. මොකද ඒක පාරටම සල්ලි දෙන්නේ නැතුව ගියොත් අපිට පුවත් නැති වෙනවනේ.

අනිත් කරනවා තමයි මේ site එකෙන් අපිට toolbar එකක් දෙනවා අපේ browser එකට දා ගන්න. අන්න ඒක දා ගත්තාම අපිට ads අපු ගමන්ම පෙන්නනවා. ඒක හින්දා ඔය online ඉන්න වෙලාවට ads මිස් නොකර බලන්න පුළුවන්. ඔන්න ඔහොම දැන් කොහම හරි කරා කියමුකෝ. උත්සාහවන්තයා ජය ගනී කියලා $8 ක් හෙව්වම ඔයාලට පුළුවන් ඕක paypal ගිණුමට දා ගන්න. මාසෙකින් මේ ගානට ඔය අවොත් ඔයාට පුළුවන් වෙයි නේද තමන්ගේ අන්තර්ජාල බිල ගෙවලා දාන්න. හැබැයි පොඩි හරි අවුලකට තියෙන්නේ ඔය සල්ලි ලංකාවට ගෙන්න ගන්න එකනේ. කට්ටිය කියනවා ගෙන්නන අමරුයිලු බැරිලු. නැ නැ එහෙම එකක් නැ ඔය සල්ලි ගෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ කිව්වේ paypal සල්ලි paypal ටත් නොදැනෙන්න ගෙන්න ගන්න පුළුවන්. හරිම නිත්‍යානුකුල විදියට. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැ ඔන්න. ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ඉතින් දන්නවනේ ලංකාවට ගෙන්නනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් උනාට කරන්න පුළුවන් වැඩක්. ඕනි අය ඉන්නවනම් කියන්නකෝ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න. ඉදිරියේදී මේ වැඩේ මහා පරිමාණයෙන් පටන් ගන්න තමයි අදහස් කරන්නේ. එතකන් හෙමිහිට කරනවා. ඉදිරියේදී කිව්වේ උසස් පෙළ පහු උනාම හොදේ. කාට හරි හිතනවානම් මු " මහා බොරුකාරයෙක් , ඕව කරන්න පුළුවන් වැඩද , අපිට හිරේ යන්න වෙයිද " වගේ දේවල් කිසි ප්‍රස්නයක් නැ. මොකද එහෙම හිතෙන්නේ නැතිනම් ලෙඩක්. මේ ලංකාවනේ.

අඩේ තව ටිකෙන් අමතක වෙනවා. අර කලින් කියපු site එකෙ register වෙන්න ලින්ක් එකක් දුන්නේ නැනේ. මෙන්න එහනම් මගේ refferal ලින්ක් ඒක. ( මේකත් මග ඇරලා යන අය ඉන්නවා ) කැමති අය විතරක් refferal කෙනෙක් විදියට register වෙන්න. එහෙම කර කියල ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැ. මමත් register වෙලා ඉන්නේ මගේ යාලුවෙකුගේ refferal ලින්ක් එකකින්. කව්රු හරි දියුණු වෙනවනේ. අපි ඔහොම හිතුවට තත්වය ගොඩක් වෙනස්. අන්න ඒක තමයි තියෙන අවුල.

මෙන්න මේ banner උඩ කොටලා කැමති අය register වෙන්න. අකමැති අය ඉන්නවනම් register නොවුනට කමක් නැ.




 

මම මේක ගැන කලිනුත් පොස්ට් එකක් දාල තියෙනවා. ඔන්න එකත් බලන්න අසා නම් ලින්ක් ඒක පහලින් දාන්නම්. එහෙනම් අදට අපි ගියා. නිකන්ම බලලා යන්න එපා. යනකොට comment එකකුත් දාලම යන්න.

~ කලින් ලිපිය බලන්න ~

06 March 2012

හැංගිලා ඉන්නද Try කරන්නේ !

අම්මේ ගොඩ කාලෙකින් බ්ලොග් ඒක පැත්තේ ආවේ. දැන් ඉතින් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නේ නැ. මොකද මේ 2012 මමත් උ.පෙ කරනවනේ. ඒක හින්ද මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. කට්ටිය තරහ නැතුව ඇති මම හිතන්නේ. මේ ලගදි පට්ට වැඩක් වෙලා තිබුනනේ. මම නිකමට වගේ බ්ලොග් එකේ pagerank බැලුවා. අම්මා ගහයි කිව්වලු ඒක පාරටම පෙන්නුවා " යකුනේ බ්ලොග් එකට pagerank තුනක් තියෙනවා කියල " හික් හික් ... මට ඉතින් ඒක පාරටම හිතුනා pagerank බලපු site එකට වැරදිලා තමයි කියලා. අයිත පාරක බැලුවා. අෆ්ෆා දැන් නම් කදුළු එනවා. මේ පාරත් කියනවා 3 ක් තියෙනවලු pagerank. මලලසේකරයි සිරාවටම බ්ලොග් එකට pagerank 3 ක් සෙට් වෙලා. කොහොම උනාද කියන්න නම් දන්නේ නැ. ඉතින් මුලින්ම මේ බ්ලොග් එකත එක්කම දිගටම රැදිලා හිටිය ඔයාල හැමෝටම තැන්කු වේවා. ඉස්සරහටත් මේ වගේම සහයෝගය දෙන්න කියල ඉල්ලා සිටිනවා. දැන් සාදරයෙන් පිලිගන්නවා pagerank 3 නේ මගේ බ්ලොග් එකට.

මොනවා හරි පොඩි දෙයක් ලියල යන්න කියල හිතාගෙන තමා අද ආවේ. ලියන්න නම් දේවල් ගොඩාරියයි. එත් මොනවද ලියන්නේ කියල බැලුවේ. කස්ටිය ඒක ඒක දේවල් ගැන අහනවා. ebay එකෙන් බඩු විකුණන හැටි කියා දෙන්න කියල බැලුවේ එත් ඒක අද ලියන්න පටන් ගන්න සුබ නැ වගේ. හොද කෙම්මොර දවසක් අල්ලන්න ඕනි ඒ වගේ දෙයක් පටන් ගන්න. ඒක හින්ද අද කියල දෙන්නම් හැමෝටම වැදගත් වෙන පොඩි Tool එකක් ගැන.

Tool ඒක තමයි " Real Hide IP " මුලින්ම කියන්න මේකෙන් වෙන්නේ මොකක්ද කියලා. මේ Tool ඒක අපේ පරිගණකයට දා ගත්තාම අපිට පුළුවන් අපි ඉන්න location ඒක Hide කරන්න. උදාහරණයක්‌ විදියට දැන් ඔයාල මෙන්න මේ site එකට ගිහින් බලන්න. ඔයාල ඉන්න රට අනුව මේකේ වැටෙනවා ඔයාලගේ IP Address ඒක වගේම ඉන්න රට සහ නගරය. ඉන්න රට නම් හරියටම පෙන්නුවත් නගරය නම් හරියටම ලංකාවේ අයට පෙන්නන්නේ නැ. ඔන්න බලන්නකෝ මගේ වැටෙන විදිය මම පහලින් photo එකක් දාන්නම්කෝ.


මේක බලන්නේ මෙන්න මේ site එකෙන්   -   http://www.whatismyipaddress.com

තව ඔය වගේ site ඕනේ තරම් ඇති. පොඩ්ඩක් හොයල බලන්න විතරයි තියෙන්නේ. හැබැයි මේවගේ නිවැරදිභාවය ගැන නම් මට සහතික වෙන්න බැ. ඔය මම දීපු site ඒක නම් ගොඩක් දුරට හරි. බලන්නකෝ ඔතන city කියන එකට වැටිලා තියෙන්නේ Veyangoda කියලා. මම ඉන්නේ කිරිදිවැල පැත්තේ. ඉස්සර නම් කොහේ ඉදන් බැලුවත් colombo කියල තමා වැටුනේ. මේ ලගකදී ඉදන් ටිකක් හරි ලගට වෙන්න වැටෙනවා. ආසියාවේ ආශ්චර්ය වේගන එන හින්දද කොහෙද ? හික් හික් ... ඔන්න දැන් කස්ටිය ඉන්න තැන හොයනවා ඇති.

දැන් අපිට මේ දැන් දෙන්න යන Real Hide IP කියන software ඒක බාවිතා කරලා අපි ඉන්න තැන වගේම අපේ IP Address එකත වෙනස් කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ software එකෙන් කරන්නේ නම් දෙගොල්ලන්වම ඇන්දවීමක්. ඒක පැත්තකින් අපිව ගොනාට අන්දනවා. මොකද එයාල අපි මොකක් හරි webpage එකක address එකක් ගහපුවම අපි තෝරපු රටට අදාලව ඒ රටේ තියෙන public server එකකින් ඒ වෙබ් පිටුවේ data request කරලා අපිට පෙන්නනවා. එතොට අර වෙබ් පිටුවේ අය හිතන්නේ අපි ඉන්නේ අර රටේ කියලා. ඒ පැත්තෙන් උන් ගොනාට අන්දෙනවා. හරි වටිනවා නේද ? හික් හික් ...

ඔන්න දැන් ගිහින් බලන්න මෙන්න මේ site එකට   -   http://www.hackforums.net/

අෆ්ෆා යන්න දෙන්නේ නැ නේද ? මොකක්ද නරක වචන වගයක් වැටෙනවනේ. ඔන්න ඔය වගේ අපිට block කරපු site වලට එහෙමත් අපිට මේ tool ඒක බාවිතා කරලා යන්න පුළුවන්. ඔන්න දැන් කියල දෙන්නම් මේක කොහොමද දා ගන්නේ කියලා. ඔක්කොම ටික මම දෙන්නම් crack කෑලි serial අංක ඔක්කොමත් එක්කම. මුලින්ම මෙන්න මේ file ඒක download කොර ගන්නකො.


ඊට පස්සේ ඔකේ තියෙන සබ්බ සකල මනාවම කොහෙට හරි extract කර ගන්න. දැන් තියෙනවා ඒක ඇතුලේ " RealHideIP-4.0.9.8.Setup.exe " කියල exe file එකකුයි " RealHideIP-4.0.9.8 Crack " කියල folder එකකුයි. මුලින්ම exe file ඒක run කරලා install කර ගන්න. ඊට පස්සේ එකේ තියෙන " RealHideIP-4.0.9.8 Crack " folder එකට ගිහින් " RealHideIP.exe " කියන exe file ඒක copy කරගෙන අර කලින් exe ඒක install කරපු folder ඒක ඇතුලට දැන් copy කර ගත්ත " RealHideIP.exe " ඒක past කර ගන්න.

ඔන්න දැන් වැඩේ හරි. ඔක්කොම ටික හරියටම කරා නම් මේ වෙනකොට ගොඩ. ඔන්න දැන් බලමු කොහොමද අපේ IP ඒක වෙනස් කර ගන්නේ කියලා.

මුලින්ම software ඒක open කර ගන්න. ඊට පස්සේ Settings වලට ගිහින් Browser කියන එකේ ඔයාගේ Browser එකට අදාළ කොටස තෝරන්න. firefox නම් වඩා හොදයි. දැන් එතනම යටින් තියෙන Re-install Browser plugin කියන ඒක තෝරන්න. දැන් ඔයාල තෝරපු browser එකට මේ plugin ඒක install වෙනවා. දැන් එකේම Genaral කියන කොටසට ගිහින් එතන තියෙන පලවෙනි tic ඒක අයින් කරන්න. නැත්තම් PC ඒක on වෙන ගානේ ඕක වැඩ කරනවා. tic ඒක අයින් කරාම ඔයාට ඕනි වෙලාවට විතරක් වැඩේ කර ගන්න පුළුවන්. දැන් ඒක ok කරන්න. ඊට පස්සේ " Choose IP Country " කියන එකට ගිහින් ඔයාලගේ IP ඒක hide කරන්න ඕනි රට තෝරන්න. දැන් එකත් OK කරලා. Hide IP කියන ඒක click කරන්න. දැන් වැඩේ හරි. ඔයාලගේ IP ඒක දැන් hide වෙලා තියෙන්නේ. ඔන්න දැන් අයිත අර site එකට ගිහින් බලන්න.

දැන් ඔයාලගේ IP ඒක බලන්න   -   http://www.whatismyipaddress.com

දැන් අර කලින් යන්න දුන්නේ නැති එකට ගිහින් බලන්න - http://www.hackforums.net/

ඔය දෙවෙනියට කියපු site ඒක USA වලට නියමෙට වැඩ.

ඔන්න වැඩේ ගොඩ නේද ? හැබැයි මේකෙදි පොඩි පොඩි ප්‍රසන ටිකක් තියෙනවා. පලවෙනි කරනේ තමා මේකෙන් අපි IP ඒක Hide කරලා use කරනකොට අපේ internet speed ඒක ටිකක් අඩු වෙනවා. අයිත් Hide කරන ඒක නවත්තුවම ඒක හරියනවා.

දෙවෙනි කරනේ තමා මේකෙන් IP hide කරාට පස්සේ google chrome ඒක හරහා ගියාට පෙළක් වෙලාවට IP ඒක hide උනා කියල පෙන්නනේ නැ. ඒ ඇයි කියන්න දන්නේ නැ.

අනිත් කාරණාව තමා මේ විදියට IP ඒක හංගලා තමන්ගේ google adsense එකට එහෙම click දාගන්න යන්න එපා. එකට හේතුව තමා මේ වගේ software වලින් බාවිතා කරන public proxy ගැන google එකේ කස්ටිය හොදට දන්නවා. අපි click කර ගමන් action එකක් නොගත්තත් ටික කාලයක් වැඩේ කරගෙන යනකොට අපේ adsense account එකට බඩු have වෙන්න ඉඩ තියෙනවා. මොකෝ google එකේ අය මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයිනේ. එත් මම බ්ලොග් එකක දැක්ක මේක adsense earning ඒක වැඩි කර ගන්න ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව. එකේ නිවැරදිතාව ගැන නම් මම කියන්න දන්නේ නැ. මොකද මම එහෙම කරලා බලල නැ. මේක මගේ අදහස විතරයි. අලුත් දේවල් කරලා බලන ඒක ඔයාලගේ වැඩක්.

අලුත් දේ නොකරන ජාතිය ලොව නොනගී කියලත් කතාවක් තියෙනවනේ.

එහෙනම් ඉතින් අදට මම යනවා. ඉතින් ඔයාලත් මේ පොස්ට් ඒක කියවල අලුත් දෙයක් දැන ගත්තනම් ඒක මට ලොකු සතුටක්. ඉතින් comment එකකුත් දාල Facebook පැත්තේ එහෙම Share කරලා යන්න අමතක කරන්න එපා. අයිත් පුළුවන් උන වෙලාවක පොස්ට් එකක් දාන්නම්.

හැමෝටම ජය වේවා !

03 February 2012

ලංකාවේ ප්‍රථම Micro Job Posting අඩවිය දියත් කෙරේ !




ඔන්න මේ වතාවේ මම ආවේ ලංකාවේ හැමෝටම ඉතාමත් සතුටුදායක ආරංචියක් අරගෙන. හුගක් කට්ටිය දන්නවා ඇතිනේ www.fiverr.com කියන site එක ගැන. ඇත්තටම ඉතාමත් හොද ඉපයුම් මාර්ගයක් තමයි මේ fiverr කියන්නේ. එත් මෙතැනදී ලංකාවේ අයටනම් තියෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. ඔන්න ඔය හේතුව හින්ද අපි කල්පනා කරා ලංකාවේ මුදල් උපයන අයට වෙනම site එකක් හදන්න. ඇත්තටම අවසානයේදී අපි හැමෝගෙම උත්සාහයේ ප්‍රතිපලයක් විදියට www.lakdeal.com කියන අඩවිය අපි පටන් ගත්තා. මේ අඩවියත් අපි හුගක් දුරට fiverr එකට සමාන වෙන්න හැදුවත් fiverr එකට වඩා ගොඩක් පහසුකම් අපි මේකෙදි ඔයාලට සලසලා දීල තියෙනවා. කව්රුත් දන්නවනේ මොන විදියේ වැඩක් අපි කරත් fiverr එකේදී නම් අපිට ගෙවන්නේ $5 යි. නමුත් අපි ඔයාල වෙනුවෙන් හදපු lakdeal එකේදී එහෙම නැ. ඔයාල කරන්න බලාපොරොත්තු වන දේ අනුව ඔයාලටම පුළුවන් තමන්ගේ මහන්සිය වෙනුවෙන් මිලක් නියම කරන්න. $1 , $5 , $10 , $15 , $20 , $25 , $30 , $40 , $50 කියලා හැමෝටම ගැලපෙන වාසිදායක ක්‍රමේකට අපි මෙතැනදී මිලක් තෝරා ගන්න ඔයාලට අවස්ථාව ලබා දීල තියෙනවා.
මෙතැනදී අපි ලංකාවේ අයට විශේෂ තැනක් දුන්නට ඉදිරියේදී අපි මේක මුළු ලෝක ව්‍යාප්ත ජාලය පුරාම ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එතොකොට ඔයාල දාන job වලට පිටරටවලින් හොද ඉල්ලුමක් ලැබෙන තත්වයට එනවා. ඉතින් එහෙනම් ඔයාලටත් පුළුවන් අදම අපිත් එක්ක එකතු වෙලා වැඩ පටන් ගන්න. තමන්ගේ හැකියාවට අනුව වැඩ කරලා සල්ලි හොයන්න.
එහනම් මම අද කියන්නම් මේතැනදී කරන්න ඕනි මුලිකම දේවල් ටික. මුලින්ම ඔයාල මේ අඩවියට ගිහින් ඔයාලගේ account එකක් හදා ගන්න. fiverr එකේදී වගේ job හම්බ වෙන්න පිටරට විදියට account හදන්න ඕනි නැ. ලංකාවේ කෙනෙක් විදියටම account එක හදන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතනට ඔයාලගේ හැකියාවන් විස්තර කරලා job එකක් දාන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ ඔයාලගේ account එකට ලොග් උනාම උඩින්ම තියෙන post new කියන එකට ගිහිල්ල වැටෙන විස්තර ටික පුරවල ඔයාලගේ job එක පොස්ට් කරන එක. එතැනදී ඔයාලට job එකත එක්ක youtube video 3 නකුත් එකතු කරන්න අවස්ථාව අපි සලසල දීල තියෙනවා. ඒ වගේම මේකෙන් job ගන්න කට්ටියටත් අර වගේම account එකක් හදලා තමන්ට අවශ්‍ය job එක තෝරාගෙන එකට සල්ලි ගෙවල ගන්න හැකියාව තියෙනවා.

දැන් කස්ටිය බලනවා ඇති මරුනේ යකෝ කියලා .... එත් ඉතින් තවම හොදම හරිය කිව්වේ නැ. ඒ තමයි මෙහෙම හොයන සල්ලි අන්තිමට කොහෙටද එන්නේ. ඔන්න අතනදී අපි හොදම ක්‍රමේ ඔයාලට හදුන්වල දෙනවා. එකේදී අපි ඔයාලව කොටස් තුනකට බෙදනවා. පලවෙනි කොටස Level 1 හැටියටත් දෙවෙනි කොටස Level 2 කියලත් අන්තිම කොටස Top Rated කියලත් නම් කරනවා. මේකෙන් පලවෙනි කොටසට ඇතුළු වෙන්න ඕනි නම් ඔයාල job 10 ක් ඇති සාර්ථකව positive Feedback සමග සම්පුර්ණ කර යුතු වෙනවා. අන්න එහෙම කරලා Level 1 වලට වැටෙන ඕනෙම කෙනෙක්ට දවස් 5 ක් ඇතුලත එයාලගේ බැංකු ගිණුමකට මුදල් දානවා. සාමාන්‍ය අයට තමන්ගේ paypal ගිණුමට මුදල් ලබා ගන්න පුළුවන්. 1 level එකඟ පස්සේ එන ඊලග leval වල අයට තවත් හොද ක්‍රම රැසක් සහ ප්‍රතිලාබ ගොඩක් අපි ඉදිරියේදී හදුන්වල දෙනවා.

එහෙනම් ඉතින් හැමෝටම සතුටු ඇති. අපිටත් ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් ලංකාවේ පලවෙනි වතාවට කරන්න ලැබීම ගැන. අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් මේක තම ලංකාවේ පළවෙනිම සහ එකම Micro Job Posting අඩවිය. ඔයාලගේ සහයෝගය අපි මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැම්ම ගිහින් වැඩ පටන් ගන්න.

ලංකාවේ එකම සහ ප්‍රථම Micro Job Posting අඩවියට මෙතනින් යන්න.

ආ මෙන්න අපේ Facebook Fan page එක. එකටත් like එකක් දාල අපිට සහයෝගයක් දෙන්න. ඒ වගේම ඔයා දන්න අනිත් යාලුවන්ටත් මේ ගැන කියන්න. මේ පොස්ට් එක facebook එකේ share කරලා හැමෝටම මේ ගැන කියන්න. මොකද එක අපි අපිටම කර ගන්න හොද වැඩක්. අන්තර්ජාලයෙන් සල්ලි හොයනකොට කුහක වෙන්න එපා. දන්න දේවල් හැමෝටම කියන්න.
ඔයාලගෙන් ලැබෙන සහයෝගය මත අපි ඉදිරියට තව තවත් වැඩ පිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ පතනවා.

ගිහින් එන්නම්

24 January 2012

මුල සිට අගටම හරියටම, Ebay එකෙන් බඩුවක් ගන්න හැටි !


ඔන්න අද ආවේ ටිකක් විතර පරක්කු උන කතාවක් කියන්න. කතාවේ පටන් ගැන්ම මෙහෙමයි. කස්ටියට මතක ඇති මම Ebay එක ගැනයි paypal එක ගැනයි විස්තර දාලා බ්ලොග් පොස්ට් වගයක් ලියාගෙන ආව. ඒවාට හොද comment එහමත් හම්බ වෙලා තිබුනනේ එත් ඉතින් හිටි ගමන්ම වැඩේ නැවතුනනේ. මතක විදියට අන්තිම පොස්ට් එක දැම්මේ සති තුනකට කලින්. ඉස්කෝලේ වැඩයි පන්තිවල වැඩයි හින්දා බ්ලොග් එක පැත්තේ එන එක පොඩ්ඩක් සීමා කරන්න උනා. එක හින්ද තමයි කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරුව ගියේ. අද ආවේ නම් අර පොස්ට් සෙට් එකේ තව කැල්ලක් දාල යන්න. හුගක් අය මේ වෙනකොට account හදලා ගනුදෙනු කරලත් ඇති. දෙතුන් දෙනෙකුටම email මාර්ගයෙනුත් ebay ඒකෙන් බඩු ගන්න හැටි කියලා දුන්නා. එක හින්ද අද කියන්න ඉතුරු වෙලා  තියෙන්නේ කොහොමද ebay ඒකෙන බඩුවක් අරගෙන එකට සල්ලි ගෙවන්නේ. මේකෙදි සියලුම තැන් Screen Shoots එක්ක කියලා දෙනවා. එක හින්ද මුළු පොස්ට් එකම කියවලා වැඩේ කරා නම් හරි. 

ඔක්කොටම කලින් තමන් ගන්න දේ තෝරා ගන්න ඕනි. එකට ඉතින් ebay site එකට ගිහින් තමන්ට ඕනි දේ search කරලා හොයා ගන්න ඕනි. මුලින් අසාවට පොඩි දෙයක් ගෙන්නලා බලන්න. මම මෙතැනදී පෙන්නනේ මම ගෙනාපු Phone Case එකක් ගත්ත හැටි. ඕනිම බඩුවක් order කරලා සල්ලි ගෙවන්නේ මේ පිළිවෙලටම තමා එක හින්දා තමන් ගන්න දේ එකින එකට වෙනස් උනාට සල්ලි ගෙවන විදිය කොයි බඩුව ගත්තත් එකයි. ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගම්මු. මුලින්ම යන්නකෝ ඔයා ගන්න අදහස් කරන බඩුව තියෙන page එකට. මෙන්න මම පහලින් දානවා මම ගන්න හිතන් ඉන්න Phone Pouch එකේ page එක. මේක ලංකාවට free shiping එවන බඩුවක් එක හින්ද අපිට shipping වලට අමතරව සල්ලි ගෙවන්න ඕනි වෙන්නේ නැ. බලන්නකෝ එහෙනම් පහල රූපේ. පොඩි වැඩියි වගේ නම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.   


ඔන්න එහෙනම් බලන්නකෝ මේකේ දකුණු පැත්තේ අයිනේ දෙවෙනියට තියෙන්නේ Other Item Info කියල අන්න එතන තියෙනවා අපි දැන් ගන්න හදන item එකේ Item Number එක , මේ බඩුව තියෙන තැන , Shipping කරන රටවල් ටික , Payment බාර ගන්න Payment Processors ටික සහ මේ බඩුව මිට කලින් කීයක්‌ වික්කද කියන එක. මේකේ විදියට නම් 18 sold කියලනේ වැටිලා තියෙන්නේ.  තවත් විස්තර තියෙනවා ඔහොමම තව ටිකක් පහලට වෙන්න. මම පහලින් දාල තියෙන්නේ වැඩි විස්තර තියෙන කොටස.


මෙතන තියෙනවා බඩුවේ Condition එක , Type එක , Compatible Model එක , Material එක සහ Compatible Brand එක. හැම වෙලාවේම මොන හරි දෙයක් ගන්න කලින් ඔය ටික හොදට කියවල ඉන්න. ඊට පස්සේ බලමු එතනම උඩින තියෙන Shipping and payments කොටස ගැන පහල තියෙන රූපේ තියෙනවා ඒ කොටස.





 
ඔන්න මේකේ උඩින්ම තියෙන්නේ Item Location එක ඊට පස්සේ තියෙනවා එවන රටවල් ටික. එතන අපේ රට නැති උනාට අර Change country කියන ඒකෙන ගිහින් අපේ රට තෝරන්න පුළුවන්. එහෙම තේරුවට පස්සේ වැටෙනවා අපේ රටට මේක එවන්න යන මුදල. මෙතන විදියටනම් කිසිම මුදලක් වය වෙන්නේ නැ shipping වලට.

හරි දැන් මේ ඔක්කොම හොදට හොයල බලලා තමන් මේ බඩුව පිළිබධව සැහීමකට පත්වෙනවානම් ඊළගට කරන්න තියෙන්නේ Buy It Now කියන එක click කරන්න. එක click කරාම මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතනත් බඩුව ගානයි තව , shippng වලට යන ගානයි පොඩි විස්තරෙකුයි තියෙනවා. දැන් එහෙනම් ඊළගට අපිට තියෙන්නේ මෙතන තියෙන commit to Buy කියන එක click කරන්න. හොදට මතක තියා ගන්න මේ තියෙන commit to Buy කියන එක click කරට පස්සේ අපිට අපේ order එක අයිත් cancel කරන්න බැ. එකට අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු වෙනවා. එහෙම නොකරොත් හුගක් වෙලාවට අපිට අපේ ගිණුම පවා නැති වෙන්න පුළුවන් ( අත්දැකීමෙන් කියන්නේ  ) ඔතනිනුත් දැන් ඔයාල commit to buy කියන එක click කරා නම් ඊළගට එනවා පහල තියෙනවා වගේ page එකකට 




 
දැන් තියෙන්නේ ඔයා මේ ගත්ත item එකට සල්ලි ගෙවන්න එක කරන්න ඔය Pay now කියන එක click කරන්න. එක click කරාම ඊළගට මේ පහල තියෙනවා වගේ page එකක එනවා.



මෙතන ඔයා ගත්ත බඩුවේ Total cost එක වැටිලා තියෙනවා. මෙතනිනුත් Confirm Payment කියන එක click කරාම ඊළගට එන page එකේ පහලටම ගියාම මෙන්න මේ වගේ තියෙනවා. පහල රූපේ බලන්නකෝ.



 
මෙතන තියෙනවා අන්තිමටම Choose a payment method කියල කොටසක්. අන්න එතැනදී ඔයාලට පුළුවන් මේ බඩුවට සල්ලි ගෙවන අකාරය තෝරා ගන්න. මම මෙතැනදී තෝරා ගන්නේ Paypal කියන payment processor එක. ඊට පස්සේ එක තෝරලා Continue කියන එක click කරාම ඊලගට මේ පහල තියෙනවා වගේ එකක් එනවා.




මෙන්න මෙතැනදී වම අත පැත්තෙන් වැටෙනවා ඔයාට මේ වෙනකොට ගෙවන්න තියෙන සම්පුර්ණ මුදල. දකුණු අත පැත්තෙන් තියෙන එකට ඔයාගේ paypal email address එකයි password එකයි ඇතුල් කරන්න ඕනි. ඊට පස්සේ Log In කියන එක click කරාම ඔයාගේ paypal එකට ලොග් වෙලා මෙන්න මේ පහල තියෙනවා වගේ page එකක් එනවා.





මෙතනිනුත් continue කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ පහල තියෙනවා වගේ page එකක් ඇවිත් ඔයාගේ order එකට මුදල් ගෙවීම සම්පුර්ණ වෙනවා.






ඔන්න එපමයි එහෙනම් තියෙන්නේ. අද පොස්ට් එක නම් හිතුවට වඩා ගොඩක් දිග උනා. දෙකට කඩන්නත් බැනේ. මේ ටික එක දිගට කරන්න ඕනි වැඩක්නේ. එහෙනම් ඉතින් දැන් ඔයාලත් මේක කරලා බලල comment එකක් එහෙම දාල Facebook Fan Page එකටත් like පාරක් එහෙම දාල යන්න. ඇතිවෙන ඕනෙම ගැටළුවක් comment ඒකෙන අහන්න. හැකි පමණින් උත්තර දෙන්නම්. මම දැනට මේ paypal ගැනයි ebay ගැනයි ලියපු ලිපි ටික ඔක්කොම ebook එකක් වගේ හදලා PDF එකක් විදියට ලගදීම ඔයාලට දෙන්න හිතාගෙන ඉන්නේ එක ගැනත් ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.



29 December 2011

ebay ගනුදෙනු කරන්න ආස අයට ටිකක් අඩුවට ..


ඔන්න එහෙනම් අද ලියන්න යන්නේ අර ebay වැඩේ ඉතුරු පොස්ට් එක. මේක පරක්කු උනාට ටිකක් සමා වෙන්න ඕනි.  ඔක්කොමල දැන් කලින් පොස්ට් ටික කියවලා වැඩේ කරන්න ලෑස්ති වෙලා බලාගෙන ඇති. මෙන්න මෙහෙමයි මම පොරොන්දු උනානේ බැංකු කාර්ඩ් නැති අයට විසදුමක් දෙනවා කියලා. ඔන්න දැන් දෙන්නයි යන්නේ. මෙන්න මේකට තමා පිටරට විදියට paypal එකක් හදන්න කිව්වේ. දැන් එහෙනම් එකත් හදලා බලාගෙන ඇති සල්ලි නැතුව. මෙන්න මෙතනට මම යෝජනා කරන්නම් ලාබදායක ක්‍රමයක්. මෙන්න මේකයි ක්‍රමේ. ඔයාලට මම paypal වලට සල්ලි එවන්නම්. ඒ වෙනුවට ඔයාල මට මගේ බැංකු ගිණුමට සල්ලි දාන්න. හැබැයි වාසිම දේ තමයි ඔයාලා $1 කට මට ගෙවන්න ඕනි රුපියල් 110 යි. බැංකු කාර්ඩ් එකක් use කරනවට වඩා මේක ලාබයි. හබැයි මම මෙහෙම සල්ලි පාඩු කරගෙන දෙන්න සක්විති කෙනෙක් නෙවෙයි. එක හින්ද ඉක්මනට තමන්ට ඕනි ප්‍රමාණය ඉල්ලන්න. මටත් මෙහෙම සල්ලි දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේක කරන්නේ බැංකු කාර්ඩ් නැති අයට නිසා කරුනාකාරලා බැංකු කාර්ඩ් තියෙන අය මේ විදියට සල්ලි ගන්න එපා. මොකද එක ඔයාල බැංකු කාර්ඩ් නැති අයට කරන අසාධාරණයක්. මේක සිද්ද වෙන විදිය ගැන දැන ගන්න ඔයාලට අයිතියක් තියෙනවනේ. ඒ වගේම එක කියන එක මගෙත් වගකීමක්. ඕනිම දෙයක් මට email එකක් දාල අහන්න කිසි ප්‍රස්නයක් නැ. තමන්ට මේක සුවර් නැතිනම් මම ඔයාලව මගෙන් සල්ලි ගත්ත කෙනෙකුට අදුන්වල දෙන්නම්. එත් බැ වගේ නම කිසි ගැටළුවක් නැ. මගෙන් සල්ලි නොගෙන ඉන්න. හැබැයි ඉතින් මම නම කවදාවත්ම කාටවත් හොරයක් කරන්න හිතාගෙන කරන වැඩක් නෙවෙයි මේක. අනිත් පැත්තෙන් මටත් මේකෙන් වාසියක් නැතුවාම නෙවෙයි. හැබැයි කිසිම කෙනෙකුට අසාධරණයක් වෙන්නේ නැ. 

එහෙනම් මෙන්න මෙහෙමයි සල්ලි ඕනි අය කරන්න ඕනි. සල්ලි කෙලින්ම ඕනි අය call එකක් ගන්න. මෙන්න මේ number එකට. call එක ගන්න කලින් පොඩියට messages පාරක් දාන්න ඔයාගේ නමයි paypal money සම්බන්දව කතා කරන්නේ කියලයි. ඊට පස්සේ විනාඩි 2 ක් 3 නකින් කොල් කරන්න. එහම නැතුව වැඩිදුර විස්තර ඕනි අය email එකක් දාන්න.   


Tel – 0775 251 479

දැන් ඉතින් එක දිගට ගල් මුල් ප්‍රහාර දියත් වෙයි. අවුලක් නැ. එක්කෙනෙකුගේ හරි අසාවක් ඉස්ට උනොත් ඒ ඇති මොකද මම දන්නවනේ මම උනත් ඒකාලේ ebay එකන් මොනා හරි ගෙන්න ගන්න කොච්චර අසාවෙන්ද හිටියේ  කියලා. ඔන්න එහෙනම් අදට මම ගියා සල්ලි ඕනි අය අර මම කියපු විදියට කරන්න. ඕනිම කෙනෙකුට ඕනෙමනම් facebook chat එකෙනුත් මාව සම්බන්ද කර ගන්න පුළුවන් එකටත් පහලින් ලින්ක් එකක් දාන්නම්

Facebook – Shyamin Ayesh



08 December 2011

අමතක වෙන්න ගිය Dynamic Dolby


දැන් කස්ටිය බලනවා ඇති කාටද , මොකක්ද අමතක වෙලා තියෙන්නේ කියලා. අමතක උනේ නම් නැ. ලිපිය දාන්න ටිකක් පරක්කු උනා එච්චරයි. මේ දවස් ටිකේ අපේ වාර විභාගේ එහෙමත් තිබුන හින්දා බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් තිබුනේම නැ. අනික් කාරනාව තමා මාත් හීනියට adsense ගිණුමක් හදා ගත්තා. ඉතින් මේ දවස් වල english බ්ලොග් එකකට අත ගහලා තියෙන්නේ. ඉතින් එහෙනම් 

අද කතාව කියන්නම් මෙන්න මෙහෙමයි අද විස්තරේ. ඔයාලට මතක ඇති මම කලින් ලිපි දෙක තුනක් ලිව්වා sound system ගැන. බලපු නැති අය පහලින් බලන්න. ලින්ක් ටික දාන්නම්.




ඔන්න අද කියන්න යන්නේ තවත් එක sound system එකක් ගැන. බලන්නකෝ ඔයාලට අහලා පුරුදු නමක්. Dynamic Dolby කිව්වම පෙළක් අය දන්නවත් ඇති. මේක හදුන්වලා දුන්නේ වර්ෂ 1970 වෙදී Dolby laboratories කියන චිත්‍රපට සමාගමෙන්. ඇත්තටම කියනවනම් මෙයාලා කරපු ඇති දෙයක් නැ. කරේ මොකක්ද දන්නවද ? හරිම පොඩි දෙයක් , ඔයාලට මතක ඇති stereophonic sound system එකේ තිබුනා surround channel එකක් මෙයාල අන්න ඒ channal එකත් ආයිත් දෙකට බෙදුවා left හා right කියලා. පස්සේ එකට නම දැන්මා Dynamic Dolby Sound System කියලා. හැබැයි ඉතින් වැඩේ හොදයි. හොද කොලිටි එකක් මේ වැඩේ හින්දා මේ Dynamic Dolby ක්‍රමයට එකතු උනා. එතොකොට මේ Dynamic Dolby ක්‍රමයේදී sound channel පහක් බාවිතා උනා. එක නෙවෙයි හොදම වැඩේ. මම දන්නා තරමින් ඔය අපි දැන් බාවිතා කරන sub woffer වලත් හොදම place එකක් තමා මේ Dynamic Dolby කියන්නේ. ඒක එහෙම වෙන්නේ මෙහෙමයි චිත්‍රපටි ශාලා වලදී මේ විදියට Dynamic Dolby ක්‍රමය බාවිතා වෙද්දී අමතරව sub woffer කියලා ස්පිකර් එකක් භාවිතා කෙරුණා. මේකෙදි සියලුම channel වලින් එන low frequency ශබ්ධ කොටස් ඔක්කොම ටික Cross Over කියලා පරිපතයකින් යවලා. ඊට පස්සේ ඒවා වෙන් කරගෙන අවශ්‍ය පමණට වර්ධනය කරගෙන අඩු සංඛ්‍යාත sub woffer ස්පිකර් එකට ලබා දුන්නා. මෙන්න මෙහෙම කරපු හින්දා bass ශබ්ධ එහෙම ලෙසටම අහන්න ප්‍රේක්ෂකයාට හැකි උනා. ඒ කිව්වේ ගොඩනැගිලි පුපුරන ඒවා එතොකොට බෝම්බ පුපුරන ඒවා එහෙම නිකන් අපේ කකුල් දෙක යට පුපුරනවා වගේ තේරෙන්න පටන් ගත්තා. ඉතින් කස්ටියම වැඩේට හරි කැමති උනා. ඉතින් මේ තාක්ෂනය ගෙවල් වලට ගෙනියන්න පටන් ගත්තා. වෙළද නාමය උනෙත් Dynamic Dolby ම තමා. බලන්න ඔයාලගේ ගෙදරත් ඇති Dynamic Dolby කියල සලකුණු කරපු කැසට් රෙකෝඩර් එහෙම.

ඕන්න ඉතින් මට දැන් වස කම්මැලියි. අදට යන්න කියලා බැලුවේ. ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා. අනිත් දවසේ කියලා දෙනවා කොහොමද මේ එක එක ජාතියේ Sound System ස්ථානගත කරන්නේ කියලා.